තම දුවට පුතාට සිංහල අකුරින් කියවීමට හා ලිවීමට ඉගැන්වීමට අවශ්‍ය දෙමාපියන් වෙනුවෙන්ම සැකසුනු අපේ පන්තියත් එක්ක එකතු වෙන්න..
අපේකමත් සමඟ ලෝකය දිනන්න
ලොව ඇති එක ම online සිංහල ඉගෙනුම් - ඉගැන්වීම් පාසල ලෙස Wooks Sinhala School අපි හඳුන්වා දෙන්නෙමු. සිංහල භාෂාව ඉගෙනීම - ඉගැන්වීම සඳහා නවීන තාක්ෂණය මුසු කිරීමේ පුරෝගාමීන් වශයෙන් අපට ඒ පිළිබඳව ඇත්තේ නිහතමානි ආඩම්බරයක්.
සිංහල අකුරු ලිවීමට නම් සිංහල අකුරු ලිවීමේ රටා, අකුරු හැඩතල පිළිබඳ අවබෝධය, පස් රූල් පොත්වල ලිවීමේ විධික්‍රම ආදි කරුණු ගණනාවක මූලික අවබෝධය අත්‍යවශ්‍යයි. ඔබට නිවසේදී මෙය කරන්නේ කෙසේදැයි නොදන්නා නමුත් ඔබේ දුවට පුතාට සිංහල ඉගෙන්වීමට සහ ඒ සඳහා උපකාර කිරීමට අවශ්‍ය නම් මෙම පාඨමාලාව ඔබ සඳහාමයි.
Wooks Sinhala School හරහා අපගේ ගුරුවරියක් සමඟ තනි පන්තියක් (Individual Class) හෝ කුඩා කණ්ඩායම් පන්තියක් (Group Class) ඔබේ දරුවාට ලබා ගන්න පුලුවන්. අපගේ සියලුම ගුරුවරියන් ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂා දෙකම කතා කරනවා, ඒ නිසා එක් එක් දරුවාගේ මට්ටම අනුව තමන්ට ගැලපෙන, දරුවාට ගැලපෙන ගුරුවරියකුත්, දරුවාටම අනන්‍ය වූ ඉගැනුම් සැලසුමකුත් (Learning Plan) එක්ක ඉගැන්වීම් කටයුතු කෙරෙනවා.
ලෝකයේ සියලුම වේලා කලාප ආවරණය කරන්න අපට වෙන වෙනම ගුරුවරියන් සිටිනවා ඒ නිසා ඔබට ඔබගේ පහසුව අනුව පන්ති වේලාවන් සකසා ගන්න පුලුවන්.
ඔබට පුලුවන් අප නොමිලේ ලබා දෙන උපදේශණ සාකාච්ඡාවකට අපගේ ගුරුවරියක් සමඟ සම්බන්ධ වෙන්න. මේ සාකච්ඡාවේදි ඔබේ ඉගැනුම් අරමුණු, දරුවාගේ සිංහල භාෂා හැකියාව අනුව ඔබට ගැලපෙන වැඩසටහනක් නිර්මාණය කරනවා. ඔබගේ කාලවේලාව අනුව පන්ති පවත්වන දින සහ වේලාවනුත් සැලසුම් කර ගත හැකියි.
වසරක් ඇතුලත සරල සිංහල හෝඩිය (හල් අකුරු හැර) ලියන්න, වචන ගලපන්න, කතා කරන්න හැකියාව.
ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන් සමඟ කතා කරන්න අවශ්‍ය භාෂා දැනුම.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා අකුරු ඉගෙනගැනීමට පෙර කථන සිංහල (Spoken Sinhala) පන්තියක්.
රටින් බැහැරව ජීවත්වෙන දරුවන්ට ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති අපගේ ගුරුවරුන්ගේ විසින් ඔබේ දුවට පුතාට සිංහල භාෂාව ඉගැන්වීම.
හැම සතියකම පැයක පන්තියක් ZOOM හරහා (මාසිකව පන්ති 4 යි)
මුද්‍රණය කළ හැකි වැඩ පත්‍රිකා සහ ක්‍රියාකාරකම් පත්‍රිකා.
කතාන්දර පොත් 100 වඩා (PDF + Audio Books) වඩා තිබෙන එකම සිංහල digital ළමා පුස්තකාලය භාවිත කිරීමට අවස්ථාව.
සිංහල ජනප්‍රවාද, කතාන්දර, කවි, සින්දු ආශ්‍රයෙන් ඉගැනීම.
අවුරුදු, වෙසක් වැනි උත්සව අවස්ථා වලදී විශේෂ පන්ති.
ගුරුවරියන් සමඟ සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද දරුවන්ට අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව.
පහත බොත්තම එබීමෙන් හෝ වම් පස ඇති QR Code එක ස්කැන් කිරිමෙන් හෝ +94 77 737 5941 අංකයට WhatsApp පණිවිඩයක් එවීමෙන් අපව සම්බන්ධ කර ගත හැකියි.
ඔබ දැනටමත් දරුවාට ගෙදරදී සිංහල භාෂාව උගන්වනවා නම් අප වෙතින් දරුවාට ඉගැන්වීමට අවශ්‍ය Learning Materials පමණක් මිලදී ගත හැකියි.
සිංහල හෝඩිය ආවරණය කෙරෙන Printable Activity Sheets - 75
සිංහල කතා පොත් PDF සහ Audio Books - 101
ඉංග්‍රීසි කතා පොත් PDF සහ Audio Books - 60
පහත බොත්තම එබීමෙන් හෝ වම් පස ඇති QR Code එක ස්කැන් කිරිමෙන් හෝ +94 70 255 2292 අංකයට WhatsApp පණිවිඩයක් එවීමෙන් අපව සම්බන්ධ කර ගත හැකියි.